මෙම කෙටි පණිවිඩ සේවාව සමගින් සම්බන්ද වන ඔබට

  • මාසික ගාස්තු නැත

    මෙම සේවාව මාසික ගාස්තු වලින් තොර සේවාවක් වන අතර ඔබ විසින් යවන පණිවිඩ ගණන අනුව පමණක් ගෙවීම් සිදුකල යුතුය. එක් SMS පණිවිඩයක් සදහා රු.1.00 කි. පණිවිඩ යැවීම ශ්‍රී ලංකාව ඇතුලත පමණි.

  • ඔබටම අනන්‍ය වු නමකින් (SMS Sender ID) පණිවිඩ යවන්න

    ඔබගේ පුද්ගලික හෝ ව්‍යාපාරික දුරකථන අංක භාවිතයෙන් තොරව පණිවිඩ යැවීමේ පහසුකම මෙමගින් ඔබට ලැබේ. මෙම SMS Sender ID 1ක් ලියාපදිංචිය සදහා රු. 2500/= මුදලක් පමණක් ගෙවිය යුතුය. මෙම ගෙවීම කල යුත්තේ එක් වරක් පමණි.

  • පණිවිඩ යැවීම සදහා ජංගම දුරකථන අවශ්‍ය නැත

    ජංගම දුරකථන භාවිතයෙන් තොරව අපගේ වෙබ් අඩවිය හරහා ඕනෑත තැනක සිට ඔබට අවශ්‍ය පණිවිඩය පාරිභෝගිකයා වෙත යැවිය හැකිය.

  • පණිවිඩ යැවීම සදහා වෙනත් මෘදුකාංග අවශ්‍ය නැත

    වෙනත් කිසිම මෘදුකාංගයක් භාවිතයෙන් තොරව අපගේ වෙබ් අඩවිය හරහා ඕනෑත තැනක සිට ඔබට අවශ්‍ය පණිවිඩය පාරිභෝගිකයා වෙත යැවිය හැකිය. නමුත් ඔබ දැනටමත් Labtech POS මෘදුකාංගය භාවිතා කරන්නේ නම් එම මෘදුකාංගය තුල මෙම සේවාව අන්තර්ගතකර ඇත.

  • පණිවිඩ යැවීම සදහා Programming දැනුමක් අවශ්‍ය නැත

    ඔබට පරිඝණක ක්‍රමලේඛන දැනුමක් අවශ්‍ය නැත. සියළු පහසුකම් අපගේ වෙබ් අඩවිය හරහා අප ලබා දී ඇත.

  • ගිණුම Top-Up කිරීම අන්තර්ජාලය හරහා සිදුකල හැකිය

    කෙටි පණිවිඩ යැවීම සදහා ඔබගේ ගිණුමට මුදල් එකතු කිරීම ඔබගේ බැංකු කාඩ්පත, eZ Cash, M Cash භාවිතයෙන් හෝ අපගේ බැංකු ගිණුමට මුදල් බැරකිරීම මගින් සිදුකල හැකිය. Top-Up කිරීම දවසේ ඕනෑම වේලාවක අන්තර්ජාලය හරහා සිදුකල හැකිය.

  • ඔබගේ ගිණුම තුල දුරකථන අංක නාමාවලීන් තබාගත හැකිය

    දුරකථන අංක නාමාවලීන් වෙන් වෙන් වශයෙන් තබා ගැනීමට පහසුකම අපගේ වෙබ් අඩවිය තුලින්ම ලබාගත හැකිය. පණිවිඩ යැවීමේදී දුරකථන අංක නැවත ඇතුලත් කිරීමකින් තොරව මෙම නාමාවලීන් වෙත එක්වරම යැවීමේ පහසුකම් වෙබ් අඩවිය මගින් සලසා ඇත.

  • සෑම SMS පණිවිඩයකටම Delivery Reports ලබාගත හැකිය

    ඔබ යැවූ කෙටි පණිවිඩය අදාල ජංගම දුරකථන අංකය වෙත ලැබුනේද යන්න එම අවස්ථාවේදීම ඔබට වෙබ් අඩවිය මගින්ම දැනගත හැකිය.

  • SMS Sender ID සදහා ඔබට අවශ්‍ය ඕනෑම නමක් අයදුම් කල හැකිය

    ඔබගේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සදහා උපරිම අක්ෂර 11 කින් යුත් SMS Sender ID අයදුම්කල හැකිය, උදා - Labtech POS

  • Labtech POS මෘදුකාංගය සදහා පූර්ණ සහාය දක්වයි

    ඔබ දැනටමත් Labtech POS මෘදුකාංගය භාවිතා කරන්නේ නම් ඔබගේ පාරිභෝගික ණය ගණුදෙනු හෝ වෙනත් පණිවිඩ සෘජුවම අදාල පාරිභෝගිකයාගේ ජංගම දුරකථන අංකය වෙත ඒ මොහෝතේම Labtech POS මෘදුකාංගය හරහා යැවිය හැකිය.

  • වෙනත් වෙබ් අඩවි සහ මෘදුකාංග සදහා සහයෝගය දක්වයි

    ඔබ දැනටමත් වෙනත් වෙබ් අඩවියක් හෝ මෘදුකාංගයක් සමග කටයුතු කරන අයෙක් නම් එම වෙබ් අඩවිය හෝ මෘදුකාංගය හරහා කෙටි පණිවිඩ යැවීමට අවශ්‍ය API පහසුකම්ද මේ හරහා ඔබට ලබාගත හැකිය.